Skip to main content

culture

ජාතික පක්ෂියා හා ගැමි ජීවිතය

ශ්‍රී ලංකා වන කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන අතර, ගැමි සංස්කෘතිය, ජයග්‍රහණයේ සංකේතය සහ ක්‍රියාශීලී ජීවන ලක්ෂණ ඔස්සේ ඌගේ වැදගත්කම මෙම ලිපියෙන් විස්තර කෙරේ.

Written byකමල් පෙරේරා පෙරේරා[TEST] බාහිර සමාලෝචනය කරන ලදී · How we review
Published Updated 3 min read

[TEST] නියැදි alt පෙළ - තවම සැබෑ රූපයක් අමුණා නැත.
[TEST] නියැදි alt පෙළ - තවම සැබෑ රූපයක් අමුණා නැත.

ශ්‍රී ලංකා වන කුකුළා (Sri Lanka Junglefowl / Gallus lafayetii) ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස නම් කර ඇත. මෙය ලෝකයේ වෙනත් කිසිදු රටක නොවෙසෙන, ලංකාවට පමණක් ආවේණික (endemic) පක්ෂි විශේෂයකි. එබැවින් මෙය අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් ලෙසත්, ජාතික අභිමානයේ ලකුණක් ලෙසත් වැදගත් වේ.

පැරණි ලියවිලි අනුව මිනිසා දඩයම් ජීවිතයෙන් ගොවි ජීවිතයට හැරෙන අවධියේ සිටම විවිධ සතුන් හීලෑ කරගෙන ඇත. එසේ මිනිසා සමඟ සමීප වූ දිවි අඩවි අතහැර පෙරට එන සතුන් අතර බල්ලා, ගවයා, බැටළුවා, අශ්වයා, කුකුළා ආදී සතුන් ප්‍රධාන වේ. මේ අතර සැවුල් මිනිස් ඇසුරෙන් ඉදිරියෙන් සිටියි. එහෙත් ලංකාවේ වන කුකුළා හීලෑ කුකුළාට වඩා වෙනස්ය; ඌ තවමත් වනාන්තරයේ නිදහසේ ජීවත් වේ.

ලංකාව ඉන්දියාව වැනි රටවල මිනිසා හා කුකුළා අතර ඇත්තේ වෙසෙස් බැඳියාවකි. විවිධ ස්වරූපයෙන් මෙම මිනිත්වය තහවුරු වී තිබේ.

එය අවස්ථා කිහිපයකින් මෙසේ දැක්විය හැකිය:

  1. සංස්කෘතික උරුමයක් වීම.

  2. හෝරා සංකේතයක් වීම.

  3. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වීම.

  4. ජය සංකේතයක් වීම.

  5. සටන්කාමී ජීවියෙක් වීම.

  6. ක්‍රියාශීලී ජීවියෙක් වීම.

  7. පරිසරයේ තුලනය පවත්වාගෙන යාමට දායක වීම.

  8. දෘකුම්කළ ජීවියෙක් වීම.

  9. සන්නිවේදන කාරයෙකු වීම.

  10. භාෂාව හා සාහිත්‍ය පෝෂණය කිරීමට නිමිත්තක් වීම.

සංස්කෘතික උරුමයක් වීම

අනාදිමත් කාලයක සිට කිසියම් ජන කණ්ඩායමක් විසින් පවත්වාගෙන එන සිරිත් විරිත්, ඇවතුම්-පැවතුම්, ආගම-දහම, වත්-පිළිවෙත් යනාදිය සංස්කෘතික යන වචනයෙන් ආවරණය කෙරේ. එවැනි සංස්කෘතික උරුමයක් තුළ කුකුළා විශේෂ තැනක් ගනී.

ගැමි ජීවිතය හා කුකුළා අතර පැවති සබැඳියාව අද දක්වාම දිගු වී ඇත. උදෑසන කුකුළාගේ හඬින් ගම අවදි වීම, ගොවිතැනට පිටත්වීම, කුකුළු ඇති කිරීමෙන් ලද ආහාර හා ආදායම යනාදිය ගැමි ජීවිතයේ අනිවාර්ය අංග විය. එසේම හෝරාව කීමට ඔරලෝසුවක් නොතිබූ අවධියේ කුකුළාගේ හඬ කාල මිනුමක් ලෙසද භාවිත විය. මේ අයුරින් වන කුකුළා අප රටේ ස්වභාවික උරුමයේත්, ගැමි සංස්කෘතියේත් නොමැකෙන සළකුණක්ව පවතී.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වීම

ජාතිය නියෝජනය කරන සංකේත අතර ම කුකුළා ජාතික පක්ෂියා ලෙස යොදා ගැනීම තවත් වැදගත් සිදුවීමකි. ජාතික පක්ෂියා වශයෙන් යෝජනා සම්මත කිරීමට පෙර කරුණු කිහිපයක් පිළිබඳ සොයා බලා ඇත.

අප රටට තැන්වැසි (ආවේණික) වීම, රට පුරා ම පැසිරී පැවතීම, පරිණාමිකව පැරණි ම ජීවියෙක් වීම, වාසනාවේ සංකේතයක් වීම, අනාවැකි පැවසීම යන කරුණු වලට විශේෂ අවධානය යොමු කර තිබේ. එදා සිට අද දක්වා ම ගැමි ජනතාව අතර මෙම කුරුල්ලාට හිමිව පැවති සැලකිල්ල හා ස්ථානය සලකා බලා වළිකුකුළා ජාතික පක්ෂියා ලෙස නම් කර තිබේ.

නාමය :- ශ්‍රී ලංකා වළි කුකුළා · Sri Lanka Junglefowl · Gallus lafayetii

ක්‍රියාශීලී ජීවියෙක් වීම

ක්‍රියාශීලී ජීවීන් අතරින් පෙරමුණ ලැබෙන්නේ කුකුළාය. ඌ රැකෙනු පිණිස කිසිවෙකුගේ රැකවරණයක් නොසොයයි; ඌ ඇතුරෙකු සේ හෝ ගවයෙකු සේ හෝ වැතිර ලෑමක් නොමැති ජීවියෙකි. මොනතරම් අපිරුතා හමුවේ වුවද ප්‍රබෝධයෙන් හැසිරීම මෙම පක්ෂියා තුළ දකින වෙසෙස් ලකුණකි.

සටන්කාමී බවත්, ජයග්‍රාහී බවත්, ක්‍රියාශීලී ජීවියෙකුට උපතින් ම හිමි දායාදය වේ. පරාජය අමතක කර මරණය දක්වා ම එල්ලීගෙන සටන් කිරීමට මහඟු හැකියාවක් කුකුළාට ඇත. විදේශ ආක්‍රමණ වළිත් පිටිතව සිටි මෙරට ජනතාවට මෙම පක්ෂියාගේ වර්‍යාව තුළින් කිසියම් හෝ ආභාෂයක් තම විමුක්ති අරගලවලදී ලබාගත් බව සිතාගැනීමට පුළුවන.

ජය සංකේතයක් වීම

වළිකුකුළා දිරියෙන් යුතුව, පරාජය නොපිළිගෙන සටන් කරන ස්වභාවය නිසා ම ජයග්‍රහණයේ සංකේතයක් ලෙස සැලකේ. ඌ තම විරුවකම හා නිර්භීත බව සටනකදී පෙන්වයි. එබැවින් ජාතික අභිමානය හා ජයග්‍රහණය පිළිබිඹු කරන සතෙකු ලෙස වළිකුකුළා තෝරාගැනීම උචිත වේ.

පැරණි යුද්ධ සමයන්හි විරුවන්ට ධෛර්‍යය හා ජයග්‍රාහී ආකල්පය ලබා දෙන ආදර්ශයක් ලෙසද මෙම පක්ෂියා සැලකූ බව පැවසේ. ඌගේ නොසැලෙන සටන්කාමී ගුණය නිසා ම වළිකුකුළා ජාතික අභිමානයේත්, ජයග්‍රහණයේත් සංකේතයක් බවට පත් විය.

Reference notes

Sources and further reading

Our editorial promise

Reviewed by an external reviewer.

This guide was reviewed by [TEST] Dr. QA Reviewer, [TEST] Sample Credentials, PhD. If something needs attention, report a correction or contact the publisher.

About this article
Published:
Last updated:
Review status:
Externally reviewed
Sources:
2
Corrections:
Report an issue

Share this guide

Help us write the next guide

What should Ceyora explain next?

Tell us what this guide left out, or vote for a topic other readers already asked for.

Use at least 8 characters for your question.

Questions and votes go straight to our editorial queue. If we answer yours, the answer may appear on this page.